• (+94)0718187246
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Hiniduma Mallika M.V.

මල්ලිකා මහා විද්‍යාලය

Udugama zone

  • Register
  • Login
Hiniduma Mallika M.V.

මල්ලිකා මහා විද්‍යාලය

Udugama zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

 

  

පාසලේ ආරම්භය හා විකාශනය

 

සුන්දර ගිංගඟ මිටියාවත මැදි කරගෙන පිහිටි හිනිදුම් පත්තුව එවකට බ්‍රිතාන්‍ය මිෂනාරි ග්‍රහණයට පසු වෙමින් පැවති නොදියුණු ගම්මානයක් විය.සුවඳවත් හෙළ බොදු සංස්කෘතිය පිරිහෙමින් ගිය මෙම කාලයේ ප්‍රදේශයේ ආගමික නායකයින් හා ප්‍රභූවරුන් බෞද්ධ අධ්‍යාපනය නගා සිටුවීම කෙරෙහි මහත් වෑයමක් ගත් අතර එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රීමත් අනගාරික ධර්මපාල ශ්‍රීමතාණන්ගේ අවධානය හිනිදුම්පත්තුව කෙරේ යොමු කර ගැනීමට හැකි විය. මෙයද  ආශිර්වාදයක් කර ගනිමින් බෞද්ධ නායක ප්‍රභූන්ගේ ගේ මූලිකත්වයෙන් 1906 ප්‍රදේශ්යේ දරුවන්ට නව දියුණුවක් දකින්නට මංපෙත් තන්මින් හිනිදුම කම්බි පාලම ඇති ස්ථානයේ පොල්අතු මඩුවක කුඩා ඉඩක ශිෂ්‍ය ශිෂ්‍යයාවන් 13 කෙනෙකුගේ හා එක් ගුරු මහා මහත්මයෙක් ගෙන් යුතුව ප්‍රාථමික බෞද්ධ පාසලක් තතනන ලදී. මෙය මල්ලිකා නවෝද්‍යා පාසලේ මූලාරම්භයයි.

මෙසේ අරඹන ලද කටයුතු පැවරුනේ ශ්‍රී ශාසනෝදයාරාම පුරාණ විහාරාධිපති රාජකීය පණ්ඩිත විනයාචාර්ය පනන්ගල විපුලතිස්ස නායක ස්වාමීන් වහන්සේට යි .ක්‍රමයෙන් සිසුන් 32 ක් හා ගුරුවරු 6 දෙනෙක් දක්වා වර්ධනය වූ කුඩා පාසල
1917 වර්ෂයේ දී ඇති වූ ගංවතුර උවදුර නිසා තිබූ ස්ථානයෙන් ඉවත් කරගෙන හිනිදුම ශ්‍රී ශාසනෝදයාරාම විහාරස්ථානයට ගෙන එන ලදී .මේ කාලය වන විට අනගාරික ධර්මපාල තුමා මහාබෝධි සමාගම ස්ථාපිත කරගෙන තිබුණි.එවකට ප්‍රදේශ්යේ සිටි ප්‍රධාන සංඝ පීතෘවරයකු වූ උඩුගම ශ්‍රී ශාසනාලංකාරාමාධිපති ගාලු දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත නෙළුවේ ශ්‍රී ගුණානන්ද නායක ස්වාමීන් වහන්සේ සහ පනන්ගල විපුලතිස්ස මාහිමියන්ගේ ප්‍රධාන අභිලාෂ්ය වූයේ අනගාරික ධර්මපාල තුමා බිහිකළ මහාබෝධි සමාගම මෙම පාසල පවරා එහි මතු දියුණුව තහවුරු තහවුරු කිරීමයි.

මහාබෝධි සමාගමට පාසල පැවරීමෙන් පසු අනගාරික ධර්ම ධර්මපාල තුමා විසින් හිනිදුම ප්‍රදේශ්යේ කොස්තාපල් ආරච්චි ලෙස කටයුතු කළ හිනිඳුම ලියනගේ කරෝලිස් ගුණවර්ධන මහතා සතුවූ රූඩ් 03 ක් පමණ වු ඉඩම් පරිත්‍යාගයක් වශයෙන් ලබා ගනිමින් සංඝ පීතෘවරුන්ගේ සහ ප්‍රභූවරුන්ගේ ආශිර්වාදය මධ්‍යයේ ශාලාවක් ඉදි කොට පාසලක් පිහිටුවීම්ට කටයුතු යෙදූහ .අද මල්ලිකා නවෝද්‍යා පාසල දක්නට ලැබෙන්නේ එම ස්ථානයේ ය. ධර්මපාල හිමි තම මෑණියන්ට උපහාර පිණිස මල්ලිකා මහාබෝධි විද්‍යාලය නමින් මෙම පාසල නම් කරන ලදී මෙම පාසලේ කළමනාකාරිත්වය පැවරුණේ විපුලතිස්ස මාහිමිපාණන්ට යීත්වය පැවරුණේ පණ විපුලතිස්ස මාහිමිපාණන්ට ය.

1962.01.01දින මෙම පාසල රජයට පවරා ගැනීමෙන් පසු ජාතික මට මට්ටමේ සංවර්ධනයක් ඇති විය.ගා /මල්ලිකා මහා විද්‍යාලය ලෙස උසස් තත්ත්වයකට පත් කළ මෙම විදුහල 2002 වර්ෂයේ දී නවෝද්‍යා පාසලක් ලෙස සංවර්ධනය ට පත් කරන ලදී.මේ දක්වා විදුහල්පතිවරු 20 දෙනෙකු විසින් මෙම පාසල පාලනය කර තිබේ. එසේම අධ්‍යාපන ක්‍රීඩා සෞන්දර්ය ආදී අංශවලින් සතුටු දා සතුටුදායක ප්‍රගතියක් ළඟා කරගෙන තිබෙන පාසැලකි දකුණු පළාතේ ස්වාභාවික
පිහිටීම අතින් සුන්දරතම පාසලක් වේ. එදත් අදත් හෙටත් ධර්මපාල ශ්‍රීමතානන්ගේ හෙළ බොදු සුවඳින් සැමදා සුගන්ධවත් වනු ඇත.

ආරම්භ කළ වර්ෂය

1906

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

01

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

13

මුල් ගුරුතුමාගේ නම

 -

පාසලේ ආදි කතෘගේ නම

 -

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

ගා/මල්ලිකා මහා විද්‍යාලය

පාසල භාරව කටයුතු කිරීම

 -

පාසල රජයට පවරාගත් දිනය

1962.01.01

පාසල පැවැත්වූ ස්ථානය

 -

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

 -

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

 -

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

 

 

 

 

{QF3=5}

Hiniduma Mallika M.V.

මල්ලිකා මහා විද්‍යාලය

Udugama zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය :Mallika M.V.
  • දුරකථන:0718187246

Supported By

© 2026 Hiniduma Mallika M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk