ජය දද බැද නිති බැබළේවා
මල්ලික මහ විදුහල් මෑණී
දම්පල් හිමියන් පෙන්වූ ඉගියෙන්
දැය සතු නිම නැති මහ පිං මහිමෙන්
හිනිදුම් පියසෙහි මැනවින් බිහි වූ
මල්ලික මහ විදුහල් මෑණී
සැරදේ සැරදේ වොරැදේවා!
ජය දද බැද නිති බැබළේවා !
විදු දද බැද ඔද තෙද ගැන්වූ
දැය සතු සිසු මිණි කැට නැන්වූ
දෙස බස රැස නිති පණ ගැන්වූ
මල්ලික මහ විදුහල් මෑණී
සිසු කැළ අප ඔබ තුරුලෙහි සුව ලද
නෙත පාදා ලන ඔබ විදු එළියෙන
දෙස දෙස පොබයන ඔබ ගුණ මහිමය දිවි හිමියෙන් සුරකිමු මෑණී
ජය දද බැද නිති බැබළේවා
මල්ලික මහ විදුහල් මෑණී